භාවිතා කරන්නේ කෙසේද ?

මතුපිට සකස් කිරීම

ටයිටේනියම් ආලේප කරන පෘශ්ඨය හොඳින් පිරිසිදු විය යුතු අතර දූවිලි වලින් තොර විය යුතුය.විශේශයෙන්ම සිනිඳු මතුපිටකට ටයිටේනියම් ආලේපනයේදී එම පෘශ්ඨය ග්‍රයින්ඩින්ග් මැශින් එකක් ආධාරයෙන් කපා ගත යුතුය.ඉන්පසුව CW40 බොන්ඩින්ග් ඒජන්ට් ආලේප කර විනාඩි 15කට පමණ පසුව සුපර් ටයිටේනියම් ආලේපනය ආලේප කරගත හැකිය.

මිශ්‍රණය සකස් කිරීම

බේස්කෝට් ආලේපනය කර සුපර් ටයිටේනියම් ආලේප කරනවා නම් සුපර් ටයිටේනියම් බේස් කෝට් ආලේප කිරීමට ප්‍රථමයෙන් අදාල ආලේපන පෘෂ්ඨය හොඳින් පිරිසිඳු කරගත යුතුයි. ජලය ලීටර් 2කට සුපර් ටයිටේනියම් බේස් කෝට් පවුඩර් 5k දමා සුපර් ටයිටේනියම් බේස් කෝට් මිශ්‍රණය සකසා ගත හැකිය. කලවම් කිරීම සදහා වේගය 400RPM Drill යන්ත්‍රයක් භාවිතා කරන්න.

සුපර් ටයිටේනියම් මිශ්‍රණය සකසා ගැනීමට පොලිමර් ලිටර් 2.5කට ටයිටේනියම් කිලෝ ග්‍රෑම් 5ක් දමා හොදින් කලවම් කරගන්න. කලවම් කිරීම සදහා වේගය 400RPM Drill යන්ත්‍රයක් භාවිතා කරන්න. විනාඩි 30කට පෙර සකසා ගත් මිශ්‍රණය ආලේප කරන්න.

සුපර් ටයිටේනියම් ආලේපනය කරන සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ

සුපර් ටයිටේනියම් පළවෙනි ආලේපනය ආලේප කරන්න. එය වේලුනු පසු අසමාන තැන් පමණක් 120 ඝණකම වැලි කඩදාසියකින් කපා කුඩු ඉවත් කර දෙවන ආලේපනය ආලේප කරන්න. දෙවන ආලේපනය වේලුනු පසු පෘශ්ඨය හොඳින් 120 ඝණකම ඇති වැලි කොළයකින් හොඳින් කපා මට්ටම් කර ගන්න. ඉන්පසු කපා ගත් කුඩු ඉවත් කර හොඳින් පිරිසිදු කරගන්න. තුන්වන ආලේපනය ආලේප කරන විට පොලිමර් දියරය වැඩි පුර දැමිය යුතුය. එසේම මිශ්‍ර කරන ප්‍රමාණයන් මතකයෙහි තබා ගෙන හෝ ලියා තබා ගැනීම වඩා උපකාරි වන අතර නැවත මිශ්‍ර කිරීමේදී ඔබට එය පහසු වනු ඇත. නැතහොත් වර්ණ වෙනස් වීම සිදුවිය හැකිය. තුන්වන ආලෙපනය ආලේප කරන විට මිශ්‍ර කරගත් ටයිටේනියම් ස්වල්පයක් පමණක් ටයිටේනියම් හැන්ද මත රඳවා සමාන රටාවකට ආලේප කිරීමෙන් අගනා නිමාවක් ලබා ගත හැක. ඒ පිළිබඳ කරුණු දැනගැනීමට අවශ්‍ය වුවහොත් අප ආයතනයේ කාර්මික මහතෙකුගෙන් උපදෙස් ලබා ගන්න. තුන්වන ආලේපනය වේලුනු පසු 320 ඝණකම වැලි කොළයකින් සිනිදුවට කපා ගන්න. ඉන්පසු කුඩු ඉවත් කර සෝදා හරින්න. විනාඩි 15 යාමට පෙර සෝදා වේලීමට ඉඩ හැරිය යුතුය.එවිට තෙත ගතිය පෘශ්ඨය මත තිබෙන විට ඔබට ලේසියෙන් අඩුපාඩු නිරීක්ෂණය කළ හැකිය. යම්කිසි පැල්ලම් හෝ විශාල අඩුපාඩු තිබේ නම් ඔබට හතරවෙනි ආලේපනය කිරීමට සිදුවේ. හතරවෙනි ආලේපනය ආලේප කිරීමට අවශ්‍ය වුවහොත් , එය ආලේප කර වේලුනු පසු 320 ඝණකම වැලි කොළයකින් සිනිදුවට කපා ගන්න. ඉන්පසු කුඩු ඉවත් කර සෝදා හරින්න. විනාඩි 15 යාමට පෙර සෝදා වේලීමට ඉඩ හැරිය යුතුය. අවසාන ආලේපනය සඳහා සුපර් ටයිටේනියම් භාවිතා කිරීමේදී එකම කාණ්ඩ අoක සහිත සුපර් ටයිටේනියම් නිශ්පාදන භාවිතා කිරීමට වග බලා ගන්න.

වැලි කඩදාසි මගින් මැදීම

ටයිටේනියම් සුපර් කෝට් අලේපනයට පෙර ,මතුපිට මට්ටම් කර ගැනීම සඳහා 120 ඝණකම ඇති වැලි කඩදාසියකින් මදින්න.

SUPERTITANIUM - Home
    English Mode