සුපර් ටයිටේනියම් Macra ඩිසයින් ස්ටෙන්සිල් බ්ලොක්ස් පොළොව සහ බිත්ති වල විවිධ හැඩ තල හා නිර්මාණයන්කිරීම සඳහා යොදා ගන්නා design blocks විශේශයකි. විවිධ මල් වර්ග කොළ වර්ග, ගස් වර්ග , විසිතුරු කැටයම් වර්ග සතුන් , පාරම්පරික මෝස්තර නිර්මාණය කිරීම ඉතා පහසුය.
ටයිටේනියම් ටොප් කෝට් කිරීමට පෙර සුපර් ටයිටේනියම් Macra ඩිසයින් ස්ටෙන්සිල් බ්ලොක් එක ඔබට අවශ්‍ය කරන ස්ථානයට තබා නොසෙල්වන සේ දෙපැත්තේ දාර දෙක මාස්කින් ටේප් එකක් ආධාරයෙන් අලවා ගන්න.ඉන්පසු සුපර් ටයිටේනියම් පේස්ට් ස්වල්පයක් ගෙන කුඩා පින්සලක් ආධාරයෙන් බ්ලොක් එකේ තිබෙන සිදුරු මත ආලේප කරන්න.ඉන්පසු සෙමින් ගලවා ඉවත් කරන්න.
පළමුව ස්ටෙන්සිල් බ්ලොක් එක වර්ණ ගැන්වූ පසු ගලවා හොඳින් සෝදා පිරිසිදු කර,ඔබ පළමුව නිම කර ඇති හැඩ තල අග නිවරැදිව තබා නැවත නිමකරගන්න.මෙවැනි ආකාරයට ඔබට හැඩතල දම්වැලක් ආකරයෙන් කර ගත හැක.
සුපර් ටයිටේනියම් Macra ඩිසයින් ස්ටෙන්සිල් බ්ලොක්ස් යොදාගෙන නිම කරගත් නිර්මාණය පැය 3 ක කාලයකට පසු එහි ඇති රළු ගතිය සුමට කිරීම සඳහා ඝණකම් 800 වැලි කොළයකින් ආධාරයෙන් පිරිමැද සුදුසු ටොප් කෝට් විශේෂයක් ආලේප කරන්න.
පහසුවෙන් හැඩතල හා මෝස්තර නිර්මාණය කිරීමට හැකිවීම.
සුපර් ටයිටේනියම් Macra ඩිසයින් ස්ටෙන්සිල් බ්ලොක්ස් ප්ලාස්ටික් නිසා නිසා පිරිසිදු කර නැවත නැවත භාවිතා කිරීමට හැකිවීම.
මිල අඩු වීම සහ විවිධහැඩතල වර්ග 50කින් ලබා ගත හැක.
ඔබට ඩිසයින් ස්ටෙන්සිල් බ්ලොක්ස් මඟින් කරනු ලබන නිර්මාණ 3D නිර්මාණ ආකාරයට නිම කිරීමට අවශ්‍ය නම් ටයිටේනියම් ඩිසයින් පේස්ට් ස්වල්පයක් ගෙනපොටි හැන්දක් යොදාගෙන ස්ටෙන්සිල් බ්ලොක් එක මත ඝණකමට ආලේප කරග්න්න.ඉන්පසු ස්ටෙන්සිල් බ්ලොක් එක සෙමින් ගලවා ගන්න.සාදාගත් නිර්මාණය පැය තුනක් හතරක් වියළෙන්නට තබා සුදුසු ටොප් කෝට් ආලේපනයක් භාවිතා කරන්න.