සුපර් ටයිටේනියම් යනු කුමක්ද ?

ක්‍රිස්ටොලැක් සුපර් ටයිටේනියම් යනු , දැනට වෙළදපොළෙහි පවතින විප්ලවීය වෙනසක් ඇති කල නිෂ්පාදනයයි. මෙම නිෂ්පාදනය සකසා ඇත්තේ පෘශ්ඨයන් මත ඉරි තලා නොයන විශේෂිත වූ සිමෙන්ති වර්ගයකිනි. මෙම විශේෂිත නිෂ්පාදනය, බිත්ති මත හෝ ගෙබිමෙහි ආලේප කල හැකි අතර එමඟින් මනා කල් පැවැත්මක් සහ සුවිශේෂි අලoකරණ කිරීමේ හැකියාවක් ඔබට ලබා දේ. මෙය භාවිතයට සහ ආලේපනයට ඉතා පහසු නිෂ්පාදනයකි.


සුපර් ටයිටේනියම් හි සම්පූර්ණ
ක්‍රියාවලිය සහ උපදෙස් මාර්ගෝපදේශය !

We have moved to new place with More eye-catching colors.
Please visit us to discover New eye-catching color combination.


View More




සී සී කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් යනු ක්‍රිස්ටොලැක් යන වෙළඳ නාමය යටතේ සිය සේවා සපයන ශ්‍රී ලOකාවේ පුරෝගාමී ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදකයකු මෙන්ම සේවා සපයන්නෙකි.අප ආයතනයේ මෙහෙයුම් කටයුතු කොහුවල කේන්ද්‍ර කොටගෙන පවත්වා ගෙන යයි.ආයතනය ලOකාවේ විශාලතම සහ උසස් තත්වයේ ඉදිකිරීම් සේවා සැපයුම් කරුවකු හා ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදකයකු ලෙස පිළිගැනීමට ලක් වී ඇත.

ඉදිකිරීම් කර්මාන්තයට පුළුල් පරාසයක නිශ්පාදන සහ සේවා අප ආයතනය මඟින් පිරිනමයි.අප ඔබ වෙත ගෙන එන්නේ මැක්‍රා තීන්ත නිශ්පාදන , පිටත බිත්ති , රූෆ් ස්ලැබ් , බාත් රූම් , නාන තටාක වෝටර්පෘෆින් නිශ්පාදන වන අතර Crystolac Super Titanium Special Effect Decorative Wall and Floor Paste යනු අපගේ විප්ලවීය නිශ්පාදනයකි.එය පහසුවෙන් භාවිතා කළ හැකි විශේෂ ආලේපණයකි.

එය ඔබව නිදහස් අලoකරණ රටාවන් වෙත කැදවාගෙන යයි.ගතවූ අවුරුදු 8 කාලය තුළ අප ශ්‍රී ලoකාවේ ප්‍රධානතම ඉදිකිරීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදකයෙකු ලෙස නව මOපෙත් විවර කරගෙන ඇත. කුඩා පරිමාණ ආයතනයක් ලෙස ගතවූ වසර 8 කාලයේ දී විවිධ නව නිශ්පාදන මාලවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දායාද කිරීමට අපට හැකි වී ඇත.

අපගේ නිශ්පාදන විවිද රටවල පවා භාවිතා වන බව සතුටින් දැනුම් දෙමු. Super Titanium Special Effects Plaster , Waterproofing නිශ්පාදනයන්ගේ ප්‍රමුඛයන් වීම අපගේ ප්‍රධාන අරමුණයි. Crystolac යනු දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය Crystolac මව් සමාගමේ අනුබද්ධ නිශ්පාදනයක් වේ. Super Titanium (Pvt) Ltd යනු අනුබද්ධ ආයතනය වන අතර Crystolac වෙළඳ නාමයයි. සුපර් ටයිටේනියම් නිශ්පාදන වල විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතිගත නිශ්පාදන ඇසුරුම් ක්‍රියාවලිය මෙන්ම පරිසර හිතකාමී මෙන්ම ඉතා සෞඛ්ය ආරක්ශිත නිශ්පාදනයක් වීමයි. අප දැනට බැර ලෝහ රහිත නිශ්පාදන වලට පිරිනමන සහතිකය ද ලබා ගෙන ඇත. Gold and Silver color paints වර්ග විශේශයෙන් නිශ්පාදනය කරනු ලබන්නේ විශේෂ අලOකරණ කිරීම් සඳහා වේ.අපගේ නිශ්පාදන මහා පරිමාණයෙන් සිදුවන අතර ඉතාමත් හොඳ මිල ගණන් යටතේ සැපයීම මඟින් ලOකාවේ ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට හා Fabric color නිර්මාණකරුවන් වන ඔබට වාසි සැලසීමට හැකිවී ඇත.

උසස් තත්වයකට සහ ශක්තියකට වැඩි දියුණු කරන ලද එකම සිමෙන්ති සහ පොලිමර් මූලික නිශ්පාදනය සුපර් ටයිටේනියම් වේ.ප්‍රධාන වර්ණ 19 කින් සහ තවත් වර්ණ 36ක් ඇත. ඔබට විශේෂ අලOකරණ රටා අවශ්‍ය නම් පුළුල් පරාසයක විහිදෙන සුපර් ටයිටේනියම් පේස්ට් වර්ග අප සතුව ඇත.සුපර් ටයිටේනියම් වල ඇති විශේෂ වාසිය නම් දිගුකල් පැවැත්ම හා ඉරිතැලීම් රහිත වීමයි. මෙම නිශ්පාදනය එoගලන්තය , මාලදිවයින, හා නේපාලය යන රට වලද භාවිතා වේ. Super Titanium ජනප්‍රිය නිශ්පාදනයක් බැවින් රට තුළ බෙදා හැරීම ඉතා පහසුය. Crystolac Water Proofing, Crystolac Super coat, Crystochem, සහ අපගේ ශාඛාවන් කීපයක් දිවයින පුරා පිහිටා ඇත. Super Titanium ඉතා පහසු මිලට අපගේ ඕනෑම ශාඛාවකින් ලබා ගත හැකිය.


ර්කාඩ්

අපගේ වර්ණ කාඩ්පත

Color Shades

Use the rates given in the color shade card to make the colors printed in color shade card

Stain Colors

Paste Metalic Colors

Paste Basic Colors

Wood Paste Colors

භාවිතා කරන්නේ කෙසේද ?





ටයිටේනියම් ආලේප කරන පෘශ්ඨය හොඳින් පිරිසිදු විය යුතු අතර දූවිලි වලින් තොර විය යුතුය.විශේශයෙන්ම සිනිඳු මතුපිටකට ටයිටේනියම් ආලේපනයේදී එම පෘශ්ඨය ග්‍රයින්ඩින්ග් මැශින් එකක් ආධාරයෙන් කපා ගත යුතුය.ඉන්පසුව CW40 බොන්ඩින්ග් ඒජන්ට් ආලේප කර විනාඩි 15කට පමණ පසුව සුපර් ටයිටේනියම් ආලේපනය ආලේප කරගත හැකිය.



ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විත වේ.
1. සුපර් ටයිටේනියම් පව්ඩර්
2. සුපර් ටයිටේනියම් පොලිමර්
සුපර් ටයිටේනියම් පව්ඩර් කිලෝග්‍රැම් 5කට සුපර් ටයිටේනියම් පොලිමර් කිලෝග්‍රැම් 2.5ක් ප්‍රමාණවත් වේ. පළමුව සුපර් ටයිටේනියම් පොලිමර් කිලෝග්‍රැම් 2.5ක් පිරිසිදු සහ තරමක් විශාල බඳුනකට දමා ගන්න.පසුව සුපර් ටයිටේනියම් පවුඩර් කිලෝග්‍රැම් 5ක් එයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කිරීමේදී යාන්ත්‍රික ඩ්‍රිල් උපකරණයක් අවශ්‍ය වන අතර ඒ සඳහා මිනිත්තුවකට වට 400ක් පමණ වේගයක් ඇති උපකරණයක් භාවිතා කරන්න. ආලේප කිරීමට පොටි හැන්දක් භාවිතා කරන්න එමෙන්ම මිශ්‍රණය මිනිත්තු 30ක කාලයක් ඇතුළත දි ආලේපනය කිරීම සුදුසු වේ. උශ්ණත්වය මත මෙම කාල සීමාව වෙනස් විය හැක.



සුපර් ටයිටේනියම් පළවෙනි ආලේපනය ආලේප කරන්න. එය වේලුනු පසු අසමාන තැන් පමණක් 120 ඝණකම වැලි කඩදාසියකින් කපා කුඩු ඉවත් කර දෙවන ආලේපනය ආලේප කරන්න. දෙවන ආලේපනය වේලුනු පසු පෘශ්ඨය හොඳින් 120 ඝණකම ඇති වැලි කොළයකින් හොඳින් කපා මට්ටම් කර ගන්න. ඉන්පසු කපා ගත් කුඩු ඉවත් කර හොඳින් පිරිසිදු කරගන්න. තුන්වන ආලේපනය ආලේප කරන විට පොලිමර් දියරය වැඩි පුර දැමිය යුතුය. එසේම මිශ්‍ර කරන ප්‍රමාණයන් මතකයෙහි තබා ගෙන හෝ ලියා තබා ගැනීම වඩා උපකාරි වන අතර නැවත මිශ්‍ර කිරීමේදී ඔබට එය පහසු වනු ඇත. නැතහොත් වර්ණ වෙනස් වීම සිදුවිය හැකිය. තුන්වන ආලෙපනය ආලේප කරන විට මිශ්‍ර කරගත් ටයිටේනියම් ස්වල්පයක් පමණක් ටයිටේනියම් හැන්ද මත රඳවා සමාන රටාවකට ආලේප කිරීමෙන් අගනා නිමාවක් ලබා ගත හැක. ඒ පිළිබඳ කරුණු දැනගැනීමට අවශ්‍ය වුවහොත් අප ආයතනයේ කාර්මික මහතෙකුගෙන් උපදෙස් ලබා ගන්න. තුන්වන ආලේපනය වේලුනු පසු 320 ඝණකම වැලි කොළයකින් සිනිදුවට කපා ගන්න. ඉන්පසු කුඩු ඉවත් කර සෝදා හරින්න. විනාඩි 15 යාමට පෙර සෝදා වේලීමට ඉඩ හැරිය යුතුය.එවිට තෙත ගතිය පෘශ්ඨය මත තිබෙන විට ඔබට ලේසියෙන් අඩුපාඩු නිරීක්ෂණය කළ හැකිය. යම්කිසි පැල්ලම් හෝ විශාල අඩුපාඩු තිබේ නම් ඔබට හතරවෙනි ආලේපනය කිරීමට සිදුවේ. හතරවෙනි ආලේපනය ආලේප කිරීමට අවශ්‍ය වුවහොත් , එය ආලේප කර වේලුනු පසු 320 ඝණකම වැලි කොළයකින් සිනිදුවට කපා ගන්න. ඉන්පසු කුඩු ඉවත් කර සෝදා හරින්න. විනාඩි 15 යාමට පෙර සෝදා වේලීමට ඉඩ හැරිය යුතුය. අවසාන ආලේපනය සඳහා සුපර් ටයිටේනියම් භාවිතා කිරීමේදී එකම කාණ්ඩ අoක සහිත සුපර් ටයිටේනියම් නිශ්පාදන භාවිතා කිරීමට වග බලා ගන්න.






භාවිතා කල හැකි
ස්ථාන

භාවිතා කල හැකි
ස්ථාන



Plywood Board ස්ථිර wood partition සහ wooden floor වලට පාවිච්චි කර හැකිවන අතර එය හොඳින් පිරිසිදු කර ග්‍රයින්ඩර් මැෂිම ආධාරයෙන් මතුපිට කඩතොළු කර (rough the surface) Bonding Agent යොදා ටයිටේනියම් ආලේප කරගත හැක.


ඔබ පරණ වූ සිමෙන්ති මැදපු පොළොව හෝ ටයිල් පොළොවක් ටයිටේනියම් කිරීමට බලාපොරොත්තු වේ නම් පොළොව හොඳින් ග්‍රයින්ඩ් තලයක් ආධාරයෙන් කපා කඩතොළු මතුපිටක් ලබා ගන්න. ඉන්පසු Bonding Agent කෙමිකල් ආලේප කිරීම මඟින් ඔබේ පෘශ්ඨය ටයිටේනියම් කිරීමට පෙර නිවරැදිව සකසා ගත හැක.


සුපර් ටයිටේනියම් මිශ්‍රණය විවිO ස්ථානවලට භාවිතා කර හැකිය. එය නිවරැදි ආකාරයෙන් භාවිතා කිරීමට සැමවිටම සුපර් ටයිටේනියම් ආයතනයෙන් තොරතුරු ලබා ගැනීම වැදගත් වේ.


ජිප්සම් බෝර්ඩ් සීලින් බෝර්ඩ් ආලේප කිරීමේදී එම බෝඩ් වල ඇති පරතරය වසාලීම අත්‍යවශ්‍ය වේ. එයට DP Paintable sealent එකක් පාවිච්චි කර එය සකසා ගන්න. ඇලවීමේදී joint net එක සමඟ දමන්න. ඉන්පසු Bonding agent ආලේප කර ටයිටේනියම් ආලේප කිරීම අරඹන්න.


Plywood Board ස්ථිර wood partition සහ wooden floor වලට පාවිච්චි කර හැකිවන අතර එය හොඳින් පිරිසිදු කර ග්‍රයින්ඩර් මැෂිම ආධාරයෙන් මතුපිට කඩතොළු කර (rough the surface) Bonding Agent යොදා ටයිටේනියම් ආලේප කරගත හැක.


ක්‍රිස්ටොලැක් සුපර් ටයිටේනියම්
භාවිතයේ ඇති වාසි

ක්‍රිස්ටොලැක් සුපර් ටයිටේනියම්
භාවිතයේ ඇති වාසි

තාප ප්‍රතිරොදකතාව

වියළීමෙන් පසු 25-160 °C දක්වා ඔරොත්තු දෙයි

පිරිවැය

ක්‍රිස්ටොලැක් Super Titanium භාවිතයෙන්, අනෙකුත් Tile සහ ලී ආතුරුම් වලට වඩා 40% කින් වියදම අඩුකර ගත හැක.

භාවිතා කිරීමට පහසුය

පහසුවෙන් ගෙනයා හැකිය. එසේම ඕනෑම කෙනෙකුට ආලේප කරගත හැක. (අලේප කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා ටයිටේනියම් ආයතනයෙන් උපදෙස් ලබාගන්න )

කාලය ඉතිරි කිරීම සහ පරිසර හිතකාමී

ඉක්මනින් වියළිම නිසා කාලය ඉතුරු වේ. සුපර් ටයිටේනියම් Powder සහ Polymer වල ශරීරයට අහිතකර කිසිඳු රසායනික ද්‍රව්‍යයන් අඩංගු නොවේ.
බාහිර පරිසරයට එකතු කරන විට ඉක්මණින් දිරපත් වේ.

සෞඛ්‍ය සහ සුරක්ෂිත උපදෙස්

En 17 සහ En 71 යන සෞඛ්‍ය සහතික ඇති අතර සුපර් ටයිටේනියම් Polymer හෝ Powder වල පරිසරයට අහිතකර කිසිඳු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.
ඇස්මත් තැවරුනහොත් හොඳින් ගලායන ජලය මඟින් විනාඩි 5ක් පමණ සෝදා සංකුලතා ඇතිවුවහොත් වෛද්‍යවරයකු හමුවන්න.
මෙය Cement Powder එකක් බැවින්, සම මතුපිට දීර්ඝ කාලයක් තිබියෙදිත් 1% පමණ අසාත්මිකතා ඇති වියහැක. එම අවස්ථාවේදී හොඳින් සබන් දා සෝදා සුදුසු වෛද්‍යවරයකු හමුවන්න.

සුපර් ට‍යිටේනියම් ඩිස‍යින් පේස්ට්

සුපර් ට‍යිටේනියම් ඩිස‍යින් පේස්ට්

Crystolac Super Titanium Design Paste යනු, විවිධ වර්ණයෙන් සහිත Titanium පෘශ්ඨය මත හොඳින් ආලේපනය කරගත හැක ශක්තිමත් color paste විශේෂයකි. එය ඔබට විවිධ හැඩවලට කිරීම පහසු කරන අතර තද වර්ණ, ලා වර්ණ හොඳින් සම්මිශ්‍රණය කරගත හැක. හොඳ නිමාවකින් ලබාදෙන ශක්තිමත් අලේපනයකි.


Main Colors






Silver Gold Antic Color






Metalic Color






සුපර් ට‍යිටේනියම් ස්ටෙයින්

සුපර් ට‍යිටේනියම් ස්ටෙයින්

සුපර් ටයිටේනියම් ස්ටෙයින් ඔබට අවශ්‍ය ටිකක් තද පැහැයට නම්, බිත්ති හා පොළොව ඔබට විවිධ වර්ණ වලින් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම්, ස්ටෙයින් භාවිතා කළ හැකිය.මෙයට සුලභව ගනු ලබන්නේ මහෝගනී, ලාර්ච් ටීක්, බර්මා ටීක්, ජැක්වුඩ්, වෝල්නට්,කළු, රතු සහ කොළ පැහැයන් ස්ටේන් වර්ණ කාරකයි. මේවා අවුවට සහ වැස්සට විනාශ නොවේ,කල්පැවැත්ම ඉතා ඉහළයි.



සුපර් ටයිටේනියම්
ලී වර්ණක පේස්ට්

සුපර් ටයිටේනියම්
ලී වර්ණක පේස්ට්


දැනට පවතින සුපර් ටයිටේනියම් ස්ටේන්වෙනුවට ඔබට සුපර් ටයිටේනියම් ලී වර්ණක පේස්ට් භාවිතා කළ හැකිය

සුපර් ටයිටේනියම් වූඩ් පේස්ට් වල ඇති වාසි


සුපර් ටයිටේනියම් වූඩ් නිමාවක් සහිත බිත්තියක් ,පොළොවක් හෝ සිවිලිමක් මත ලී හැඩැති නිර්මාණයක් කිරීමට යාමේදී ස්ටේන් මඟින් එය කිරීමට අපහසු විය හැක.
සුපර් ටයිටේනියම් ලී පේස්ට් වල ඇති ඝණකම නිසා පහසුවෙන් හා අපතේ යාමකින් තොරව නිවරැදිව බිත්ති මත හෝ සිවිලිම් මත ලී වර්ණක නිර්මාණයක් කර ගැනීම ඉතා පහසු වේ.


ආලේප කරන ආකාරය

1.

පළමුව ඔබගේ පෘශ්ඨය පිරිසිදු කරගන්න.

2.

දෙවනුව අදාළ වර්ණයට සුපර් ටයිටේනියම් කෝට් තුනක් ඇද නිම කර ටොප් කෝට් කිරීමට පෙර සුපර් ටයිටේනියම් ස්ටේන් යොදා මතුපිට සකක් කරන්න.


ලබා ගත හැකි ප්‍රමාණ

565 ml

කරුණු

සුපර් ටයිටේනියම් සුපර් ටයිටේනියම් ලී වර්ණක පේස්ට් මඟින් පෘශ්ඨයේ ඇතුළතට ගමන් කර ශක්තිමත් ලා පැහැති වර්ණයක් සාදයි.
බොහෝ විට ලී නිර්මාණයක් කිරීමේදී මතුපිට පෘශ්ඨය ලා පැහැ වර්ණයකින් යුතු වේ.ලීයක ගැට සහිත හෝ අරටුව කොටස නිර්මාණය කිරීමේදී තද වරණයෙන් ස්ටේන් කළ යුතු වේ.ලී වර්ණ නිර්මාණය කිරීමේදී ඔබට සුපර් ටයිටේනියම් ලී වර්ණක පේස්ට් හා සුපර් ටයිටේනියම් ස්ටේන් යන අමුද්‍රව්‍ය දෙකම අවශ්‍ය වේ

එම තද වර්ණය සුපර් ටයිටේනියම් ලී වර්ණක පේස්ට් භාවිතයෙන් ඔබට පහසුවෙන් නිර්මාණය කර ගත හැක.
ඔබට මෙම සුපර් ටයිටේනියම් ලී වර්ණක පේස්ට් එක ස්ටේන් ආකාරයකට පොළොව මත පළමු ආලේපනයේ ගෑමට අවශ්‍ය නම් ටොප්කෝට් ද්‍රාවණය යොදා මෙහි වර්ණය අඩු වැඩි කරගත හැකිය. නිම වූ පසු දෙවරක් ෆ්ලෝර් කෝට් භාවිතා කරන්න.

ආලේප කළ හැකි ස්ථාන







ලබා ගත හැකි වර්ණ


JACKWOOD
WALNUT
MAHOGANI
BERMA TEAK
LARCH TEAK

සුපර් ට‍යිටේනියම් ටොප් කෝට්

සුපර් ට‍යිටේනියම් ටොප් කෝට්

ටයිටේනියම් ටොප් කෝට් යනු, ටයිටේනියම් ස්ථරයේ ආරක්ෂාවට මතුපිටින් යොදන ආලේපනයකි. ටයිටේනියම් ටොප් කෝට් කිරීමෙන් පසු මෙමඟින් අමතර ආරක්ශාවක් ලැබෙන අතර,අවපැහැගැන්වීම්, කුණු බැදීම් ,විවිද කහට පැල්ලම් රැදීම විශාල ලෙස අඩු කරයි.මෙය බොහෝ විටභාවිතා කරන්නේ ටයිටේනියම් බිත්ති සඳහා පමණි.ටොප් කෝට් කිරීමෙන් ටයිටේනියම් පෘෂ්ඨය ට ඉතා දීප්තිමත් බවක් ලබාගත හැකිය.


ක්‍රිස්ටොලැක් වැක්ස්

ක්‍රිස්ටොලැක් වැක්ස්

සුපර් ටයිටේනියම් වැක්ස් යනු ටොප් කෝට් කළ පසු පොළොවේ ආරක්ෂාවට සහ දිස්නය රඳා පැවැත්වීමට විශේෂ , පැරෆින් ඉටි සන්යෝගය ඇති , කල් පවතින ආලේපනයකි.



ලබා ගත හැකි ඇසුරුම් ප්‍රමාණ

400 grm, 800grm, 1600 grm

ටයිටේනියම් මතුපිට වැක්ස් කිරීමට ඔබ පැළිපැදිය යුතු කරුණු මොනවාද?

ඔබ ටයිටේනියම් මතුපිටක් වැක්ස් කල යුත්තේ ඇයි?
ඔබගේ ටයිටේනියම් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම හා සුමුසු දීප්තිමත් මතුපිටක් ලබාගැනීම සදහා ටයිටේනියම් මතුපිටක් වැක්ස් කල යුතුය. නිවැරදිව වැක්ස් නොකිරීම තුලින් ඇතිවිය හැකි හානිදායක ප්‍රතිඵලය කුමක් වේද?
ඔබ ටයිටේනියම් මතුපිට වැඩි අලංකරණයන් සදහා වැක්ස් තෝරාගන්නේ නම් හොදින් සැලකිල්ලට භාජනය කල යුතු කරුණු කීපයක් ඇත.

නැතිනම්, ටොප්කෝට් ආරක්ෂිත ආලේපනය කල පසු වැක්ස් කිරීම තුලින් පෘෂ්ඨය අලංකරණය නැති වීමට ඉඩ ඇත. එය වළක්වා ගැනීමට පහත කරුණු දෙස අවධානය යොමු කරන්න.

  1. වැක්ස් කිරීමට පෙර මතුපිට හොදින් වියළී තිබේ දැයි බලන්න.
  2. වැක්ස් කිරීමට පෙර ගන්නා වැක්ස් වර්ගය හොදින් පරීක්ෂා කර බලන්න. බලන්න.
  3. වැක්ස් කිරීමට පෙර වැක්ස් වල වර්ණය ගැන සැළකිලිමත් වන්න.
  4. ක්‍රිස්ටොලැක් වැක්ස් ආලේපනය කරනවා නම් පලමු ආලේපනය ඉතා තුනීයට අලේප කරන්න. ටර්පන්ටයින් දැමීමට අවශ්‍යය නොවේ.
  5. වැක්ස් කරපු මතුපිට විනාඩි 30ක කාලයක් වියළීමට තබන්න.
  6. වැක්ස් කිරීමට ගන්නා උපකරණ ගැන හො`දින් සැලකිලිමත් වන්න. ඔබගේ මැෂින් එක Industrial ආකාරයේ මැෂින් එකක් නම් ඉතා සුදුසුය.
  7. ඔබ වැක්ස් කිරීමට ගන්නා වැක්ස් පෑඩ් ගැන හොදින් සැළකිලිමත් වන්න. පළමු කෙදි සහිත පෑඩයෙන් කරන්නේ වැක්ස් එක තුනී කිරීම පමණයි. දෙවන පෑඩයෙන් කරන්නේ ටයිටේනියම් මතුපිට දීප්තිය ලබාගැනීමයි. එය වූල් සහිත සුදු පෑඩයක් විය යුතුය.
  8. ඔබ මෙවැනි පොලිෂ් වාර 3ක් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි නිවැරදි වැක්ස් කිරීම් තුලින් ඔබට සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල මගහරවා ගත හැක.
  9. ඔබ බාල වර්ගයේ වැක්ස් එකක් භාවිතා කල හෝ පෙර වැක්ස් කල ලේයර් එකක් ඇත්නම් එය හොදින් සෝදා යැවීමට ක්‍රිස්ටොලැක් වැක්ස් ක්ලීනර් හෝ ක්‍රිස්ටොලැක් මොෆින් එක යොදා කෙදි සහිත පෑඩයෙන් මතුපිට පිරිසිදු කරගත යුතුය.
විශේෂ කරුණු

හොද, සුමුදු දීප්තිමත් මතුපිටක් වැක්ස් කිරීම තුලින් ලබාගැනීමට ඉහත කරුණු සැළකිල්ලට භාජනය කරන්න. ඒ වගේම තෙත සහිත පොළොවේ හා වැඩිපුර වැක්ස් අතුරා ඇති පොළොවක හා බූමිතෙල් වැනි ද්‍රාවණයන් කලවම් කරපු වැක්ස් ද්‍රාවණ හෝ බාල වර්ගයේ වැක්ස් ද්‍රාවණයන් ආලේප කිරීම තුලින් මතුපිට දිස්නය ලබාගැනීම ඉතා අපහසුය.



සුපර් ට‍යිටේනියම් පිරිසිදුකාරක

සුපර් ට‍යිටේනියම් පිරිසිදුකාරක

ක්‍රිස්ටොලැක් Paint Remover

ටයිටේනියම් පෘශ්ඨය මත හෝ වැනි පේන්ට් ද්‍රාවකයක් වැටුනු විට එය ඉවත් කර ගැනීමට යොදා ගනී. මෙමඟින් ටයිටේනියම් පෘශ්ඨයට හානි වීම වළකයි.

ක්‍රිස්ටොලැක් Floor Mopping

ආලේපනය කර ඇති ටයිටේනියම් පෘශ්ඨය මත දිනපතා බැඳෙන කුණු දූවිලි සහ විශබීජ මෙම ද්‍රාවණය මඟින් ඉවත් කර ගත හැකිය. මෙයින් ටයිටේනියම් පෘශ්ඨයට හානි වීම වළක්වාගත හැකිය.

ක්‍රිස්ටොලැක් Floor Cleaners

Crystolac Floor Cleaners, යනු, ටයිටේනියම් පෘශ්ඨය මත ඇති තද පැල්ලම් හා කුණු පැල්ලම් නිසා අවපැහ ගැන්වීම් ඉතා ඉක්මනින් යැවිය හැකි විශේෂ ද්‍රාවණයකි.




සුපර් ට‍යිටේනියම්
බේස් කෝට් යනු කුමක්ද ?

සුපර් ට‍යිටේනියම්
බේස් කෝට් යනු කුමක්ද ?

Super Titanium Base Coat යනු හොඳ ශක්තියක් ඇති, ඉරි තැලීම් අවම කරන පොළව හෝ බිත්ති මතුපිට ශක්තිමත් කරන අලේපනයකි. මෙය ආලේපනය කිරීම මඟින් පොළව තුළ ඉරිතැලීම් මතුපිටට ඒම අවම කර සුමුදු මතුපිටක් ලබාදේ. (මෙය අලේප කිරීමෙන් ඔබට යන ටයිටේනියම් වියදම 30% කින් අවම කරයි)


ක්‍රිස්ටොලැක් සුපර් ට‍යිටේනියම්
පොලොව නඩත්තු කරගන්නේ කෙසේද ?

ක්‍රිස්ටොලැක් සුපර් ට‍යිටේනියම්
පොලොව නඩත්තු කරගන්නේ කෙසේද ?

ටයිටේනියම් පෘශ්ඨයක් නිමකර පාවිච්චියේදී ඔබට මුහුණ පෑමට සිදුවන ගැටළු මගහරවා ගැනීමට මෙම පත්‍රිකාව කියවා එහි ඇති උපදෙස් පිළිපදින්න.


මෙතනින් පත්‍රිකාව බාගත කරගන්න !


අපගේ වෙනත්
නිශ්පාදන

අපගේ වෙනත්
නිශ්පාදන


සී සී කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් යනු ක්‍රිස්ටොලැක් යන වෙළඳ නාමය යටතේ සිය සේවා සපයන ශ්‍රී ලOකාවේ පුරෝගාමී ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදකයකු මෙන්ම සේවා සපයන්නෙකි.අප ආයතනයේ මෙහෙයුම් කටයුතු කොහුවල කේන්ද්‍ර කොටගෙන පවත්වා ගෙන යයි.ආයතනය ලOකාවේ විශාලතම...


More Info

Crystolac (Pvt) Ltd is one of the leading construction materials manufacturers and service provider in Sri Lanka, which headquatered in Kohuwala - Sri Lanka. Established on 2011, we have grown and changed with the construction and construction products manufacturing industry in Sri Lanka. We have suc...


More Info

Titanium Super Coat is a 2 part ( Liquid Polymer and blended Cementous powder ) pre packed system. These 2 parts should be mix together to gain a paste .This Paste can be applied by using a trowel .This Layer is very smooth and slurry with excellent bonding to most surfaces .The product based on selected modified blended..


More Info